Thursday, February 21, 2013






“ඉ-ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ප්‍රදේශවල “නැණසල“ නමින් තාක්ෂණික මෙවලම්වලින් සමන්විත ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා තිබේ. “නැණසල” යනු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ “ඉ-ශ්‍රී ලංකා” ජාතික සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදී ගම නගාලීමේ අරමුණ ඇතිව අරඹා ඇති සංවර්ධන ව්‍යාපෘතියකි. ගම් මට්ටමන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබාදෙන මධ්‍යස්ථාන දිවයින පුරා ඇති කර ඒ තුළින් ඈත දුෂ්කර ගම්වල වෙසෙන ග්‍රාමීය ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට තොරතුරු තාක්ෂණයට පිවසීමට සමානව ඉඩ ප්‍රස්ථා ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මේ වන විට දිපව්‍යාප්තව මධ්‍යස්ථාන 690 කට වඩා නැණසල මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.
ඒ අනුව උතුරු පළාතේ “නැණසල” මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා යටිතල පහසුකම් ලබා දීම දැන් ආරම්භ කර ඇත. මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට ඔබ සමිතියට / සංවිධානයට ද හවුල්කරුවකු වී ඔබ ප්‍රදේශයේ ජනතාවට තොරතුරු තාක්ෂණ සේවාවන් ලබා දීමට දැන් අවස්ථාව උදා වී ඇත.
නැණසල යෝජනාපත්‍ර අප නියෝජිතායතනයට පැමිණ හෝ www.icta.lk වෙබ් අඩවියෙන් හෝ අදාල දිස්ත්‍රික්කයේ - ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැක. සම්පූර්ණ කරන ලද යෝජනා පත්‍රය පහත සඳහන් කර ඇති දිනයට හා වේලාවට පෙර අප ආයතන වෙත පැමිණ භාර දීමට හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හැකිය.
ග්‍රාමීය මට්ටමේ ප්‍රජා සමිති, ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සමිති, පුස්තකාල, ක්‍රීඩා සමිති, ප්‍රජා මූලික සංවිධාන වැනි ලියාපදිංචි වී ඇති සමිති සහ ආගමික ස්ථානවලට මේ සඳහා ඉල්ලුම් කල හැකිය. පහත සඳහන් ග්‍රාම නිලධාරී කොට්ඨාශයන්හි නැණසල මධ්‍යස්ථාන පිහිටුවෙන අතර එම ප්‍රදේශවල ක්‍රියාකාරී ඉහත සඳහන් කල සමිති සමාගම් හා ආගමික ස්ථානවලින් අදාල යෝජනා බාර ගැනීම දැන් සිදු‍ කෙරේ.

No comments:

Post a Comment