Tuesday, July 9, 2013

නැණසල මධ්‍යස්ථාන සඳහා ජාත්‍යන්තර පරිගණක පාඨමාලාවන් හඳුන්වාදිම.

ගරුතර ස්වාමින් වහන්ස,
මහත්මයාණනි/මහත්මියනි,

නැණසල මධ්‍යස්ථාන සඳහා  ජාත්‍යන්තර පරිගණක පාඨමාලාවන් හඳුන්වාදිම.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නි‍යෝජිතායතනය හා ඉන්ටෙල් ශ්‍රි ලංකා ආයතනය සමඟ එළඹි අවබෝධතා ගිවිසුම මත දැනට අන්තර්ජාතිකව රටවල් 26 පමණ ඉන්ටෙල් ආයතනය විසින් පවත්වනු ලබන සහතික පත් පඨමාලවන් නැණසල මධ්‍යස්ථානයන්හි පැවැත්විමට අවස්ථාව උදාවි ඇත.
ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාව ඉහල නැංවිමේ හා පාඨමාලා හදාරන්නන් හට ජාත්‍යන්තරව පිළිගත් සහතික පතක් ලබාදිමේ අරමුණුන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම පාඨමාල ප්‍රධාන කාණ්ඩ 03 කින් සමන්විත වේ.

1.      Intel Easy Step – Basic Course
2.      Intel Easy Step – Workshop
3.      Intel Easy Step – Activity Cards
පහත සඳහන් සුදුසුකම් ලත් නැණසල මධ්‍යස්ථාන සඳහා මෙම පාඨමාලාව පැවැත්විය හැක.

·         පුර්ණ කාලිනව නැණසල මධ්‍යස්ථාන සඳහා තොරතුරු තාක්‍ෂණ පුහුණු කරුවෙකු සිටිම.
·         පුහුණු පාඨමාලාවන් පැවැත්වි සඳහා ඉඩ පහසුකම් තිබිම.
·         අන්තර්ජාල පහසුකම් තිබිම.
යන පහසුකම් වලින් ඔබ නැණසල මධ්‍යස්ථානය සමන්විත නම් ඔබටත් මෙම පාඨමාලාවන් පැවැත්විමට අයඳුම් කලහැක. අයදුම් පත් ඉදිරිපත් කරනු ලබන නැණසල මධ්‍යස්ථාන අතුරින් පළමු අදියර සඳහා නැණසල මධ්‍යස්ථාන 50ක් තොරාගන්නු ඇත. මෙම තොරාගත් නැණසල මධ්‍යස්ථාන සඳහා ඉන්ටෙල් ඉන්දියා ආයතනයේ පුහුණුකරුවන් විසින් දින දෙකක වැඩමුළුවක් පවත්වනු ලබයි.
මේ සමඟ අමුණා ඇති අයදුම් පත සම්පුර්ණ කර gavash@icta.lk විද්‍යුත් ලිපිනයට 20 ජුලි මස 2013 පෙර යොමු කරන්න.

ස්තුතියි,

මෙයට - විශ්වාසී,
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය


එස්.ගවාෂ්කර්
ව්‍යාපෘති කළමණාකරු
තොරතුරු යටිතල පහසුකම්

Best Regards,

S Gavashkar
Project Manager
Information Infrastructure
ICT Agency of Sri Lanka
*160/24, Kirimandala Mw., Col-5
(+94-12369099, ext 343

No comments:

Post a Comment