Tuesday, July 9, 2013

නැණසල ප්‍රණාම 2013 - ජූලි මස 26 වැනිදා - පෙ.ව. 9.30 >> ගල්කිස්ස මහ හෝටලය

ගරුතර ස්වාමින් වහන්ස, ගරු පූජකතුමනි,
නැණසල හිමිකාර සහ ක්‍රියාකාර මහත්ම මහත්මීනි,

නැණසල ප්‍රණාම 2013

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ඉ-ශ්‍රීලංකා ජාතික සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘතියක් වන දීපව්‍යාප්ත නැණසලව්‍යාපෘතිය වසර අටක ජයග්‍රාහි සන්ධිස්ථානයක් පසු කරමින් සිටී.  නැණසල ව්‍යාපෘතියේ මෙම විශිෂ්ඨ කඩඉම සනිටුහන් කරනු වස් මෙම ක්‍රියාන්විතයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ඔබ විසින්, ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට කරන ලද පුරෝගාමී මෙහෙවර අගය කරනු පිණිස අප නියෝජිතායතනය විසින් නැණසල ප්‍රණාම ජාතික සමුළුව සංවිධානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
නැණසල ක්‍රියාන්විතයේ ස්වර්ණමය අවස්ථාවක් වන මෙම අවස්ථාවට සහභාගී වන ලෙස නැණසල මධ්‍යස්ථානයේ හිමිකරු සහ කාර්යමණ්ඩලයට මෙයින් ගෞරවයෙන් ආරාධනා කර සිටින අතර සමුළුව පිළිබඳ විස්තර පහත සඳහන් වේ. 

දිනය  සහ වේලාව
2013 ජූලි මස 26 වැනිදා  - පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා
ලියාපදිංචි කිරීම්
පෙ.ව. 8.00 සිට පෙ.ව. 9.30 දක්වා ලියාපදිංචි කිරීම් සිදු කරනු ලැබේ.
ස්ථානය සහ ලිපිනය
Mount Lavinia Hotel                 ගල්කිස්ස මහ හෝටලය
No – 100                                    නො. 100
Hotel Road                                 හෝටල් පාර
Mount Lavinia                            ගල්කිස්ස

ඔබගේ පැමිණිම සහතික කරමින් මේ සමඟ ඇමුණා ඇති ආකෘති පත්‍රය පුරවා 2013 ජූලි මස 15 දිනට පෙර ෆැක්ස් අංක - 011 2368387 වෙත හෝ gavash@icta.lk යන ඉ-මේල් ලිපිනයට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

වැ‍ඩි විස්තර සඳහා දුරකථන අංක 011-2369099  ඔස්සේ ජනක මහතා හෝ ගයනි මහත්මිය අමතන්න.

ස්තුතියි.

මෙයට - විශ්වාසි
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය


එස්.ගවාෂ්කර්
ව්‍යාපෘති කළමණාකරු
තොරතුරු යටිතලපහසුකම්

Best Regards,

S Gavashkar
Project Manager
Information Infrastructure
ICT Agency of Sri Lanka
*: 160/24, Kirimandala Mw., Col-5
(: +94-12369099, ext 343

No comments:

Post a Comment