Monday, March 11, 2013

නැණසල ප්‍රණාම - ස්වර්ණ සම්මාන උළෙල 2013

 නැණසල ප්‍රණාම - ස්වර්ණ සම්මාන උළෙල 2013

 ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජනතාවගේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අවශ්‍යතාවයන් සපුරාලමීන් ඔවුන් ජන ජිවිතයන් සවිබල ගැන්විමේ අරමුණින්, එවකට අගමැතීව සිටි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් මත නැණසල තොරතුරු තාක්‍ෂණ සංවර්ධන වැඩසටහන ආරම්භ කරන ලදි. එතැන් පටන් මේ දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නැණසල මධ්‍යස්ථාන 690 ඉක්මවා ස්ථාපීත කර ඇත.

2013 වසර වන විට වසර අටක් සම්පුර්ණ කර ඇති නැණසල ව්‍යාපෘතිය හා සබැදී නැණසල හිමිකරුවන් හා ක්‍රියාකරුවන්ගෙන් ග්‍රාමිය ප්‍රජාවේ ජන ජිවිතයට ඇතිකල වෙනසට ප්‍රණාම දැක්විම සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය නැණසල ප්‍රණාම - ස්වර්ණ සම්මානඋළෙල සංවිධානය කරයි.

පහත සදහන් කාණ්ඩයන් ඔස්සේ සම්මාන පුදනු ලබන අතර සියළුම නැණසල මධ්‍යස්ථානයන් මෙම නැණසල ප්‍රණාම - ස්වර්ණ සම්මානසඳහා සහභාගි විමට සුදුසුකම් ලබයි.
  1.  මහාචාර්ය වි.කේ. සමරණායක සම්මානය
  2. දිස්ත්‍රික් හොදම ක්‍රියාකාරිත්වය සදහා පිරිණමන සම්මානය
  3. පළාත් හොදම ක්‍රියාකාරිත්වය සදහා පිරිණමන සම්මානය
  4. දිවයිනේ හොදම ක්‍රියාකාරිත්වය සදහා පිරිණමන සම්මානය
  5. කුසලතා සම්මාන
  6. ජනතා සම්මානය
මහාචාර්ය වි.කේ. සමරණායක සම්මාන එකක්, දිවයිනේ හොඳම නැණසල මධ්‍යස්ථාන සම්මාන එකක්, පළාතේ හොඳම නැණසල මධ්‍යස්ථානය සඳහා පළාත් 09 ය සඳහා සම්මාන 09ක් හා දිස්ත්‍රික්කයේ හොඳම නැණසල සඳහා දිස්ත්‍රික් 25 සඳහා සම්මාන 25 ක් හා කුසලතා සම්මාන 14 ක් වශයෙන් සම්මාන පිරිනමයි.

 සම්මාන සදහා සහභාගීවිම පිළිබද විස්තර සඳහා www.nenasalapranama.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

සම්පුර්ණ කලයුතු ආකෘති පත්‍රය වෙබ් අඩවියේ ලියාපදිංචි භාගත කරගත හැක. එම සම්පුර්ණ කල ආකෘති පත් 2013 අප්‍රේල් මස 07 වන දිනට හෝ ඒ දිනට පෙර nenasala.helpdesk@icta.lk විද්‍යුත් ලිපිනයට යොමුකිරිමට හැක. අන්තර්ජාල පහසුකම් නොමැති නැණසල මධ්‍යස්ථාන සඳහා ලඟම අන්තර්ජාල පහසුකම් සහිත නැණසල මධ්‍යස්ථානය හරහා අදාළ පහසුකම් ලබාගැනිමට හැකිය.( මුද්‍රිත ලිපිගොනු ඉදිරිපත් කිරිමෙන් වලකින්න)

වැඩි විස්තර සඳහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනයේ නැණසල අංශය ඇමතිමෙන්, දුරකථන අංක 011-2369099 හෝ ඉ-මේල් nenasala.helpdesk@icta.lk වෙතින්, ලබාගත හැක.

ඔබ ලබා ඇති ජයග්‍රහණ සැමරිමට නැණසල ප්‍රණාම - ස්වර්ණ සම්මාන මහඟු අවස්ථාවක් ලෙස අප සැම විශ්වාස කරන අතර ඔබ සියළුදෙනාටම සුභ ප්‍රාර්ථනා කරමු

No comments:

Post a Comment