Sunday, June 2, 2013

2013 වසරේ ස්පාඤ්ඤ යේ ග්‍රනේඩා හි පැවැත්වූ ලෝක ටෙලිමධ්‍යස්ථාන පිළිබඳ ගෝලීය සමුළුවේදී (ශ්‍රී ලංකාවේ ටෙලිමධ්‍යස්ථාන) සූරියවැව නැණසල සම්මානයට පාත්‍ර වෙයි.

2013 වසරේ ස්පාඤ්ඤ යේ ග්‍රනේඩා හි පැවැත්වූ ලෝක ටෙලිමධ්‍යස්ථාන පිළිබඳ ගෝලීය සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නැණසලේ කළමණාකාරිණී ජී. ඒ. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය හොඳම ටෙලිසෙන්ටර් කළමාණාකරු“ සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

http://www.ft.lk/wp-content/uploads/2013/05/BUP_DFT_DFT-5.gif

ටෙලිමධ්‍යස්ථාන සඳහා ජාත්‍යන්තර තලයේ අනන්‍යතාවක් ලබාදීමට සහ ග්‍රාමීය ප්‍රජාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පිළිබඳව විශීෂ්ඨ සේවාවන් ලබා දීම පිළිබඳ දිරිමත් කිරීම සහ ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රියාකාරීත්වයන් ඇගයීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතිව කලාපීය ටෙලිමධ්‍යස්ථාන ජාලයේ ද සම්බන්ධතාවයත් සමඟ ටෙලිසෙන්ටර් පදනම සහ ස්පාඤ්ඤයේ ස්පාර්ක් කමිටුව විසින් සිව්වන ගෝලීය සමුළුව සංවිධානය කරන ලදී.

http://api.ning.com/files/XlKvC0fcpC9nKwWsE4acze0JreZNwzgywJSlPphexGdsIHgCvXwgBk3YZzt3mb5ab2y2xR1f3Ij7Vpqyi1hsQCJcrvu*amVq/941887_10151704866428417_432635490_n.jpg?width=350

කාණ්ඩ 06 අතුරින් හොඳම නැණසල කළමණාකරු  සම්මානය සඳහා අයදුම්කරුවන් 60ක් අතුරින් ඉතාමත් විශිෂ්ඨ අන්දමින් මෙම සම්මානය හිමිකරගැනීමට සූරියවැව නැණසල කළමණාකාරිනී දීපිකා ප්‍රියදර්ශනී සමත් වූවාය. ඇය තම නැණසල මධ්‍යසථානය හරහා සූරියවැව ප්‍රාදේශයේ ජනතාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම මනා ලෙස ලබා දෙමින් ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා ඇය තම නැණසල මධ්‍යස්ථානය හරහා කරන ලද විශිෂ්ඨ සේවාව මෙහිදී කාගේත් පැසසුමට භාජනය විය.
ටෙලිසෙන්ටර් පදනමේ අධ්‍යක්ෂකමිගුවෙල් රිමිලා මහත්මා විසින් හොඳම ටෙලිසෙන්ටර් කළමාණාකරු“ සඳහා සම්මානය ඇයට පිරිනමන ලදී.

http://www.ft.lk/wp-content/uploads/2013/05/3.gif

මෙවන් සම්මාන උළෙලක් සංවිධානය කිරීම පිළිබඳ ටෙලිසෙන්ටර්.ඕර්ග් පදනමට ස්තූති කල දීපිකාතමන් ටෙලි මධ්‍යස්ථාන හිමිකාරිනියක බවට පත්කල ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයටද සිය අවංක හෘදයාංගම ස්තූතිය පිරිනැමුවාය. සම්මානය ලබා ගනිමින් ඇය තව දුරටත් පවසා සිටියේ මෙය තමන්ගේ සම්මානයක් පමණක් නොවශ්‍රී ලංකාවේ සිටින කැපවීමෙන් සිය සේවය ඉටු කරන සමස්ථ නැණසල සේවක ප්‍රජාවටම ලද සම්මානයක් බවයි.

No comments:

Post a Comment