Wednesday, May 8, 2013

නැණසල මධ්‍යස්ථාන සඳහා කෘෂිකාර්මික උපදෙස් ලබා දීමේ වැඩසටහන


නැණසල මධ්‍යස්ථාන සඳහා කෘෂිකාර්මික උපදෙස් ලබා දීමේ වැඩසටහන

ප්‍රාදේශිය නැණසල සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම් පිළිබඳව දැනුවත් කරමින් යොමු කරන ලද 2013-04-30 දිනැති ලිපිය හා බැඳේ.

ඒ අනුව මෙම ප්‍රාදේශිය නැණසල සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම විසින් ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන ගොවීන් සඳහා නැණසල මධ්‍යස්ථානය හරහා ගොවීනට අවශ්‍ය කෘෂිකාර්මික තොරතුරු පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කිරීමට සහ ඒ පිළිබඳව නවීන තොරතුරු පිළිබඳව දැනුවත් කිරීම සඳහා සී.අයි.සී. ආයතන සමඟ සාකච්ඡා කර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙහි පළමු පියවර ලෙස තෝරා ගන්නා ලද ප්‍රදේශ කිහිපයක ගොවීන් ඉලක්ක කර ගනිමින් සී.අයි.සී. ආයතනයේද අනුග්‍රහය ඇතිව ගොවීනට අවශ්‍ය කෘෂිකාර්මික තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.  

සී.අයි.සී. ආයතනය විසින් තෝරා ගන්නා ලද ප්‍රදේශ පහත සඳහන් පරිදි වේ. 

·         දඹුල්ල                                                              *          පොළොන්නරුව දිස්ත්‍රික්කය               
·         අනුරාධපුර දිස්ත්‍රික්කය                                      *          සියඹලාන්ඩුව  
·         වැලිකන්ද                                                         *          මාන්තෙයි වෙස්ට්
·         පූනෙයි (මඩකලපුව)                                         *          වෙල්ලන්කුලම
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ පූර්ණ සහයෝගය සහ සහභාගීත්වය අපේක්‍ෂා කරන්නෙමු.
ඉදිරියේදී සියළුම සන්නිවේදන කටයුතු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පමණක් එනම් ඉ-මේල් හරහා පමණක් සිදු කරන අතර නැණසල මධ්‍යස්ථාන වෙත සිදුකරනු ලබන සෑම තොරතුරක්ම නැණසල ඉ-මේල් ගොනුවට (nenasala group mail) යොමු කරනු ලැබේ. ඔබ මෙම ඉ-මේල් ගොනුවට ඇතුලත් වී නොමැති නම් නොපමාව gavash@icta.lk ඉ-මේල් ලිපිනයට යොමු කරන්න.


ස්තුතියි.
මෙයට - විශ්වාසී
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය‍


එස්. ගවාෂ්කර්
ව්‍යපෘති කළමණාකරු

No comments:

Post a Comment