Wednesday, May 8, 2013

පළාත් මට්ටමින් නැණසල මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශිය සංවර්ධන හා ක්ෂේත්‍ර සහායක කණ්ඩායම් හඳුන්වා දීම


පළාත් මට්ටමින් නැණසල මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශිය සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම් හඳුන්වා දීම

නැණසල මධ්‍යස්ථානයන්හි ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සහ ඒ සඳහා ඔබහට නව සංවර්ධන ක්‍රියාමාර්ගයන් හඳුන්වා දෙමින් ඔබ නැණසල මධ්‍යස්ථානය දියුණු කර ගැනීමට රුකුලක් ලබා දීම සඳහා  Colombo International Nautical & Engineering College (CINEC) ආයතනයේ ප්‍රධානත්වයෙන් Multi Tech Solutions Pvt. Ltd. ආයතනය සහ Business Management Bureau Lanka (Pvt.) Ltd., යන ආයතන ප්‍රාදේශිය සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම් පත්කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. මෙම කණ්ඩායම 2013 අප්‍රේල් මස සිට 2013 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශිය සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබ නැණසල මධ්‍යස්ථානයට පැමිණීමට බලාපොරොත්තු වේ.


  • උපදේශන සේවා, ප්‍රගති සමාලෝචන සහ දත්ත ලබා ගැනීම සඳහා
  • නැණසල ස්ථාපිත ප්‍රදේශයේ ජනතාවට සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් සඳහා උපදේශන සේවාවන් ලබා දීම සහ ඒ පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම
  • නැණසල ස්ථාපිත ප්‍රදේශයන්හි සමාජීය තොරතුරු  පිළිබඳ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම
ප්‍රාදේශිය සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම් නිලධාරී කණ්ඩායම පහත පරිදි වේ.

#
නම
තනතුර
1
චන්ද්‍රෙස්න මාලියද්ද මහතා
කණ්ඩායම් නායක / ව්‍යාපෘති සම්බන්ධීකාරක
2
බිමිබා ගුණතිලක මහත්මිය
සමාජ විද්‍යා විශේෂඥ
3
බී. එල්. රාමනායක මහතා
ඇගයීම් හා නියාමන විශේෂඥ නිලධාරී
4
යොහාන් පණ්ඩිගම මහතා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමිබන්ධීකාරක
5
ධනේෂ්වරන් සත්‍යනාදන් මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - උතුරු සහ නැගෙනහිර පළාත්
6
ආර්. ඒ. ටී. ඩී. රණසිංහ මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - ඌව පළාත
7
ජේ. ඒ. සමන්ත ජයසිංහ මහතා 
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - වයඹ පළාත
8
ඩබ්. ඒ. අනුර ප්‍රදීප් කුමාර මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - උතුරු මැද පළාත
9
ඩී. එම්. එන්. දිලීප දිසානායක මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - මධ්‍යම පළාත
10
කේ. එච්. ජනක චන්දිමාල් කාරියවසම් මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - බස්නාහිර පළාත
11
එම්. බී. නීලක අවන්ත මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක - දකුණු පළාත
12
ඒ. එම්. ප්‍රියන්ත ආරියතිලක මහතා
ප්‍රාදේශීය සම්බන්ධීකාරක සබරගමුව පළාත
ඒ අනුව ඔබ නැණසල හරහා ඔබ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් භාවිතය දිරිමත් කිරීමට ප්‍රාදේශිය සංවර්ධන හා ක්‍ෂේත්‍ර සහායක කණ්ඩායම් ඔබට පූර්ණ සහයෝගය ලබා දෙන අතර ඒ සඳහා ඔබගේද පූර්ණ සහයෝගය මෙන්ම සහභාගීත්වය අපේක්‍ෂා කරන්නෙමු.
ඉදිරියේදී සියළුම සන්නිවේදන කටයුතු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පමණක් එනම් ඉ-මේල් හරහා පමණක් සිදු කරන අතර නැණසල මධ්‍යස්ථාන වෙත සිදුකරනු ලබන සෑම තොරතුරක්ම නැණසල ඉ-මේල් ගොනුවට (nenasala group mail) යොමු කරනු ලැබේ. ඔබ මෙම ඉ-මේල් ගොනුවට ඇතුලත් වී නොමැති නම් නොපමාව gavash@icta.lk ඉ-මේල් ලිපිනයට යොමු කරන්න.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය‍

No comments:

Post a Comment