Tuesday, May 7, 2013

තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට


2013 ජගත් තොරතුරු තාක්‍ෂණ සුදානම්  දර්ශකයට (Global Networks Readiness Index)   අනුව ශ්‍රි ලංකාව පසුගිය 2012 වසරට වඩා මෙම වර්ෂයේදී  ස්ථාන දෙකක් ඉදිරියට ඒමට සමත් වී තිබේ. 
ජගත් ආර්ථික සංසදය විසින් ස්වාධීන නිරීක්‍ෂණ හා සමීක්‍ෂණ මත පදනම් කර ගනිමින් වාර්ෂිකව මෙම වාර්ථාව නිකුත් කෙරෙන අතර මෙවර මෙම වාර්ථාව සකස් කිරීම සදහා රටවල් 144 ක් සමීක්ෂණයට ලක්කර තිබෙන අතර එම සමස්ත රටවල් අතර ශ්‍රී ලංකාවට 69 වන ස්ථානය හිමිවී ඇත. 
පසුගිය 2012 වසරේදී ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ 71 වන ස්ථානයයි. 
දකුණු ආසියා කලාපයේ රටවල් අතරින් දෙවන ස්ථානයට පත්වීමට  ද ශ්‍රී ලංකාව සමත් වී තිබෙන අතර එම ප්‍රථම ස්ථානය ඉන්දියාව විසින්  හිමිකර ගෙන තිබේ. 
මීට අදාළ කර ගත් රටවල තොරතුරු තාක්‍ෂණ පරිසරය, තොරතුරු තාක්‍ෂණ භාවිතය සදහා සුදානම, තොරතුරු තාක්‍ෂණය ථලදායී ලෙස භාවිතය , තොරතුරු තාක්‍ෂණය ආර්ථිකයට සහ සමාජයට සිදු කරන බලපෑම යන ප්‍රධාන නිර්නායකයන් මත මෙම දර්ශකය සකස් කෙරේ. 
මෙම දර්ශකයට අනුව දකුණු අප්‍රිකාව තායිලන්තය ඉදුනීසියාව වියට්නාමය පිලිපීනය ආදී රටවල් සිටින්නේ ශ්‍රී ලංකාවට පිටු පසිනි. 
මෙහි පකිස්තානය පසුවන්නේ  105 වන ස්ථානයේ වන අතර බංගලිදේශයට හිමිවී ඇත්තේ  114 වන ස්ථානයයි. නේපාලය 126 වන ස්ථානය ලබා ගෙන තිබේ.   
මෙම දර්ශකයේ පළමු ස්ථානය ෆින්ලන්තයටත් දෙවන ස්ථානය සිංගප්පුරුවටත් තෙවන ස්ථානය ස්වීඩනයටත් සිව්වන ස්ථානය නෙදර්ලන්තයටත් පස්වන ස්ථානය නෝර්වේ රටටත් හිමිවී තිබේ.ඇමෙරිකාව පසු වන්නේ දසවන ස්ථානයේය. 
තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව ව්‍යාපාර හා නව සොයා ගැනීම් සහ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් හා අන්තර්ගතයන් යන අංශ ද ශ්‍රී ලංකාව තුල  ප්‍රගතියක් ලබා තිබෙන බව මෙම සමීක්‍ෂණ වාර්තාවේ දත්ත අනුව පෙන්නුම් කෙරේ. 
අන්තර්ජාතික මට්ටමින් වාර්ෂිකව නිකුත් කෙරෙන මෙම වාර්ථාවේ දත්ත අනුව ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ  ක්ෂේත්‍රයේ  පැහැදිලි ප්‍රගතියක් අත්කරමින් සිටින බවට කදිම සාක්‍ෂියක් බවත් තව දුරටත් මේ ඔස්සේ ඉදිරියට යෑමට මෙය ශක්තියක් බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.  

http://www.icta.lk/si/icta/90-general/1293-sri-lankas-nri-ranking-69th-out-of-144-proves-its-great-ict-strides-icta-ceo.html

No comments:

Post a Comment