Thursday, April 11, 2013

රටේ සංවර්ධනයට තොරතුරු තාක්‍ෂණය වැදගත් සාධකයක් - ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර



තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය මේ වන විට මෙරට සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂාණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පැවසීය.
ජාත්‍යන්තර අයිබීඑම් ආයතනය මෙවර ශ්‍රී ලංකාවේදී පවත්වන ලද “අයිබීඑම් මෘදුකාංග විශ්වය 2013” සමුලුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමින් දේවපුර මහතා මෙම අදහස් පළ කළේය. කොළඹ  සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී මෙම සමුලුව පැවැත්විණි.
“තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අද වන විට ජනජීවිත වලට ඉතා සමීප වී තිබෙනවා සේම රටේ සංවර්ධනය සදහාද එය යොද ගනිමින් සිටිනවා.විශේෂයෙන්ම යුද්ධය නිමා වී  රටට සාමය උදාවීමත් සමගම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අපේක්‍ෂාවක් වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී ජනතාව රාජ්‍ය  අංශය මෙන්ම රටේ   රැකියා උත්පාදනය සදහා නව මානයන් සොයා යාතුව තිබෙනවා.එහිදීත් ඉතා වැදගත්ම මෙන්ම පළදායීම සාධකය වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයයි. මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රයේද ශ්‍රී ලංකාව  අද දස්කම් දක්වමින් සිටිනවා” යැයිද දේවපුර මහතා මෙහිදී සදහන් කළේය.
මෙම සමුළුව සදහා ජාත්යෘන්තර අයිබීඑම් ආයතනයේ ඉන්දියා දකුණු ආසියා මෘදුකාංග කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ජේසන් මොසකවක්ස්කි මහතා ඇතුඵ දෙස් විදෙස් නියෝජිතයින් රැසක්  මීට සහභාගි වී සිටියහ.     

No comments:

Post a Comment