Thursday, April 11, 2013

සයිබර් ප්‍රහාරයකදි වහා ක්‍රියාත්මක වීමේ වැදගත් කම අවධාරණය කෙරේ



සයිබර් ප්‍රහාරයකදී කඩිනමින් ඒ පිලිබඳව තොරතුරු ර‍ටවල් අතර  හුවමාරු කර ගැනීමේ සහ ඊට  පිළියම් සොයා ගැනීමේ  වැදගත්කම ආසියානු ශාන්තිකර කලාපීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ 10 වන වාර්ෂික සමරුවේදී අවධාරණය කෙරිණී.
ආසියානු ශාන්තිකර කලාපීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ 10 වන වාර්ෂික සමරුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තිහක පමණ සහභාගිත්වයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පසුගියදා පැවැත්විණි.
සයිබර් ප්‍රහාරයකදී තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මේවන විට චීනය විසින් සකස් කර තිබෙන මෘදුකාංගය දැනට වඩා පුළුල් ආකාරයෙන් යොදා ගැනීමේ වැදගත්කම පිලිබදවද එහිදී අවධානය යොමු කෙරිණී .
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA)යටතේ ක්‍රියාත්මක  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ සාමාජිකයින් මෙම සමරුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
ඕස්ට්‍රේලියාව, බෘනායි, බංගලාදේශය, චීනය, හොංකොන්, ඉදුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය මෙම සමරුවට සහභාගි රටවල් අතරවේ.
‘එදා අද සහ හෙට  සයිබර් ආරක්‍ෂණය’යන තේමාව යටතේ මෙම සමරුව පැවති අතර  සයිබර් ආරක්‍ෂණය  පිලිබඳව මහජන දැනුවත් කිරීම් සහ සම්මන්ත්‍රණයක්ද පවත්වා තිබේ.
එහිදී ශ්‍රි  ලංකා නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද අදහස් සෙසු රටවල ද අවධානයට යොමු වීම විශේෂත්වයකි.   

No comments:

Post a Comment