Monday, April 1, 2013

දැයට කිරුළට නැණසල පරිගණක විද්‍යාගාරයක්


අති  නවීන පහසුකම් වලින් සමන්විත නැණසල තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව යෝජිත අම්පාර හාඩි තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී විවෘත කෙරේ.
පරිගණක විස්සකින් පමණ සමන්විත මෙම පරිගණක විද්‍යාගාරය සදහා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සහ ඉන්ටෙල් සමාගමේ සහයෝගයද ලැබී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.
දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය  නැරඹීම සදහා පැමිණෙන ජනතාවට මුලික පරිගණක දැනුම ලබා දීමට ද පියවර ගෙන තිබේ.
නියෝජිතායතනය විසින් ප්‍රදර්ශනයට එක් කර තිබෙන සිය ප්‍රදර්ශන කුටියේදී මේ සදහා වන පහසුකම් සලසා තිබේ. 
පවුලේ සියළුම සමාජිකයින්ට කණ්ඩායමක් වශයෙන් සහභාගි වී මෙම පරිගණක දැනුම ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවද නියෝජිතායතනය පවසනවා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කර ගනිමින් ජනතාවගේ කටයුතු පහසුකර ගැනීම සදහා  ක්‍රියාත්මක තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සහ  වැඩසටහන් පිලිබදව ඩිජිටල් තිර යොදා ගනිමින් ජනතාව  දැනුවත් කිරීමද ප්‍රදර්ශන කුටියේදී  සිදු කෙරේ.

No comments:

Post a Comment